ගාසා තීරයේ බෝ වන රෝග ව්යාප්තිය ගැන ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු අඟවයි
ගාසා තීරය තුළ බෝ වන රෝග ව්‍යාප්ත වුවහොත් දහස් සංඛ්‍යාත පිරිසක් ජිවිතක්ෂයට පත්විය හැකි බවට ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු අඟවනවා.
ගාසා තීරයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පද්ධතිය නැවත ස්ථාපිත කිරීමට හැකි ඉක්මනින් කටයුතු කළ යුතු බවයි ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වා දෙන්නේ.
එසේ නොවුනහොත් යුද ගැටුම් හේතුවෙන් මිය යන සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් මිය යනු ඇති බවද එම සංවිධානය පවසනවා.
හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන්ගෙන් ගාසා තීරයේ රෝහල් හා ජගත් සංවිධානයට අයත් ආයතන රැසකට ද හානි සිදුව තිබෙනවා.
එබැවින් ඒ සම්බන්ධයෙන් වහා අවධානය යොමුකර කටයුතු කළ යුතු බවයි ලෝක සෞඛ්ය සංවිධානය අවධාරණය කරන්නේ.
The post ගාසා තීරයේ බෝ වන රෝග ව්යාප්තිය ගැන ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු අඟවයි appeared first on ITN News.