පළාත් පාලන මැතිවරණයට සඳහා ඉල්ලුම් කළ රාජ්ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම
පළාත් පාලන මැතිවරණය සඳහා ඉල්ලුම්කළ රාජ්‍ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේ.
=දැනට අභියාචනා ඉදිරිපත් කර ඇති සියලු රාජ්‍ය සේවකයින්ට මෙමගින් පෙර සේවය කළ ස්ථානයටම ස්ථාන මාරු හිමි වනු ඇති.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව ප්‍රකාශ කළා.
The post පළාත් පාලන මැතිවරණයට සඳහා ඉල්ලුම් කළ රාජ්ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම appeared first on ITN News.