වැසි තත්ත්වයේ වර්ධනය වීමක්
දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ..
මේ හේතුවෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකියි.
දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාතේ ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ..
The post වැසි තත්ත්වයේ වර්ධනය වීමක් appeared first on ITN News.