වරාය පොදු සේවක සංගමය වෘත්තීය ක්රියාමාර්ගයකට සැරසෙයි
සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය එළැඹෙන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව නිවේදනය කර තිබෙනවා.
ඒ වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමිනුයි මොවුන් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවන බව පවසා තිබෙන්නේ.
සාමුහික ගිවිසුමක් හරහා වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීම පසුගිය ඔක්තෝබර් 23 වැනි දින රැස් වූ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව අත්හිටුවනු ලැබුවා.
ඒ අනුව වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීමේ ගැටලුවක් මේ වන විට පැන නැගී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සභාපතිවරයා හමු වී සාකච්ඡා සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් එම සාකච්ඡා අසාර්ථක වූ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කළා.
The post වරාය පොදු සේවක සංගමය වෘත්තීය ක්රියාමාර්ගයකට සැරසෙයි appeared first on ITN News.