රොෂාන් රණසිංහට අධිකරණයෙන් කල්දෙයි
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය ඒ මහතාට කල් ලබා දුන්නා.
දිමිත්‍රි ෂිරාස් පිට්‍රාංජලී නීතිඥවරිය ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින්නේ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතායි.
පසුගිය 8 වනදා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාට අපහාස වන අයුරින් කරුණු ඉදිරිපත් කර ඇති බව පෙත්සම්කාර පාර්ශවය මෙහිදි සඳහන් කර තිබෙනවා.
එම ප්‍රකාශය තුළින් හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ චරිතයට සහ ඔහුගේ වෘත්තීය ජීවිතයට දැඩි අගතියක් මෙන්ම හානියක් සිදුකර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය ප්‍රකාරව උපරිමාධිකරණ විනිසුරුවරු සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයන් සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
මෙම පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා ලබන 15 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අධිකරණය වගඋත්තරකාර රොෂාන් රණසිංහ මහතාට නියම කළා.
පෙත්සම වැඩිදුර විභාග කිරීම ජනවාරි මස 3 වනදාට කල් තැබුණා.
The post රොෂාන් රණසිංහට අධිකරණයෙන් කල්දෙයි appeared first on ITN News.