කාඩ්පත් මගින් දඩගෙවන්න ලැබෙයිද?
උසාවිවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කරන බව අධිකරණ ආමත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
අධිකරණ පද්ධතියේ සේවාවන් ලබාදිය යුත්තේ විනිසුරුවරුන්ට හෝ නීතිඥවරුන්ට නොව මහජනතාවට බවයි ඒ මහතා පවසන්නේ.
මේ අතර බැංකු ගණුදෙනු සම්බන්ධ අණපනත් නූතන සමාජයට ගැලපෙන ලෙස සකස් කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරා සඳහන් කළා.
කාඩ්පත් මගින් සිදුකළ හැකි මුදල් ගෙවීමේ ක්‍රමය අධිකරණ පද්ධතිය වෙත හදුන්වාදීමේ උත්සවය අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණා. මේ සදහා මහජන බැංකුව සමග ගිවිසුම් අත්සන් කිරීමයි සිදුකෙරුණේ.
දඩ මුදල් ඇතුලු මුදල් ගෙවීම් කාඩ්පත් මගින් සිදුකිරීමට මේ අනුව අවස්ථාව උදා වනවා.
රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න / මහජන බැංකුවේ සභාපති සූජිව රාජපක්ෂ / සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post කාඩ්පත් මගින් දඩගෙවන්න ලැබෙයිද? appeared first on ITN News.