විශ්රාමික දීමනා ඉහළ නැංවීමට සූත්රයක් සකස් කරන්න – විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවට  නිර්දේශ

- itnnews.lk

විශ්‍රාමික දීමනා, මානුෂික ව සළකා බලා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා යම් කිසි සූත්‍රයක් සකසන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට  නිර්දේශ  කළා.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා ( 2023.11.29) පාර්ලිමේන්තුවේදී  රැස්වූ අවස්ථාවේදීයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද, විශ්‍රාමිකයන්ගේ සංගම් නියෝජිතයන් ද, මේ රැස්වීම සඳහා කැඳවා තිබුණා.

දැනට සක්‍රීය විශ්‍රාමිකයන් ලක්ෂ 7 කට අධික ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව සිටින බව දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් මෙහිදී අනාවරණය වූ අතර, යම් පිරිසක් පරීක්ෂණ, මියයාම් යනාදී හේතු නිසා සක්‍රීය තත්ත්වයේ නොසිටින බවත් හෙළිවුණා.

වසරකට විශ්‍රාමිකයන් 26000 ක් පමණ (සිවිල් 19000, ත්‍රිවිධ හමුදා 7000)  සක්‍රීය තත්ත්වයට එකතු වන අතර, 20000 ක් පමණ මියයාම හේතුවෙන් විශ්‍රාමික ලැයිස්තුවෙන් ඉවත් වන බව මෙහිදී අනාවරණය වුණා.

මසක් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහා රු. බිලියන 413 ක් පමණ වෙන් කර ඇති බවත්, අවු. 55 සම්පූර්ණ කොට විශ්‍රාම යන අය සඳහා ඉල්ලා සිටින පරිදි විශ්‍රාම වැටුප මෙන් 24 ගුණයක් පාරිතෝෂික ලෙස ගෙවන අතර, එය වසර 10 ක් ඇතුළත විශ්‍රාම වැටුපෙන් අඩු කර ගන්නා බවත් වාර්තා වුණා.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයෙන් සිදුවන කාර්යභාරය වන්නේ අවු. 70 ට වැඩි අඩු ආදායම් ලාභී, මසක ආදායම රු. 6000ට අඩු පුද්ගලයන් වෙත මාසිකව රු. 2000 ක දීමනාවක් ලබා දීම වන අතර, ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකය මත දැනට 733204 කට වැඩිහිටි දීමනාව ගෙවන බව ද මෙහිදී එම ආයතනයේ නිලධාරීන් පැවසුවා.

වර්ෂයකට සාමාන්‍යයක් ලෙස වැඩිහිටි දීමනාව ගෙවන ලැයිස්තුවට එකතු වන පිරිස කොපමණක් ද, මියයාම නිසා ඉවත් වන පිරිස කොපමණක් ද, හා පොරොත්තු  ලේඛනයේ සිටින වැඩිහිටි සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳ සංඛ්‍යාලේඛණ කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා.

2016.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන් සඳහා සිදු කරන ලද වැටුප් වැඩි වීම 2020.01.01 දක්වා අදියර 5ක් යටතේ ක්‍රියාත්මක වූ බවත්, 2020.01.01 දිනෙන් පසු විශ්‍රාම ලැබූ අයට එම වැටුප් වැඩි වීම අනුව ගලපන ලද සම්පූර්ණ විශ්‍රාම වැටුප ලැබීම හේතුවෙන් 2017 ට පෙර විශ්‍රාම ලැබූ අය හා 2020න් පසු විශ්‍රාම ලැබූ  අය අතර විශාල විශ්‍රාම වැටුප් විෂමතාවයක් ඇති වී ඇති බවත් මෙහිදී සාකච්ඡා වුනා.

2020.01.01 දිනට ලැබිය යුතු විශ්‍රාම වැටුප් වර්ධකය අත්හිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින්  ගත් තීරණයද ඊට හේතු වු බවත් ඊට අමතරව ගුරු විදුහල්පතිවරුන් සඳහා 2021 දී සිදු වූ වැටුප් වැඩි වීම හේතුවෙන් 2017/01/01 ට පෙර විශ්‍රාම ලැබු පිරිසට දැඩි විශ්‍රාම වැටුප් විෂමතාවයක් උද්ගත වී ඇති බවත්, මෙහිදී සඳහන් වුණා.

එමෙන්ම, රාජ්‍ය සේවකයන්ට 2024/01/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රු.10,000ක වැටුප් වැඩි වීමක් ලබා දුන්නද විශ්‍රාමිකයන්ගේ දීමනාව වැඩි කර ඇත්තේ රු.2500/ක් පමණක් බවත්, වැටුප් වැඩිවීම හා සලකා බලන විට විශ්‍රාම වැටුප් වැඩි වී ඇත්තේ 25%ක ප්‍රමාණයකින් බවත් එම වැඩිවීම ජීවන වියදම වැඩි වීම හමුවේ කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් විශ්‍රාමිකයෝ කාරක සභාව හමුවේ ප්‍රකාශ කළා.

විශ්‍රාමික දීමනා, මානුෂික ව සළකා බලා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව  ඉහළ නැංවීම සඳහා යම් කිසි සූත්‍රයක් සකසන ලෙස සභාපතිවරයා නිර්දේශ කළා.

අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ගිය අයට හිමිවන අතර, එම දිනට පෙර විශ්‍රාම ගිය අයට ද, එම ප්‍රතිලාභ ලැබෙන ආකාරයකින් රක්ෂණ ක්‍රමය පුළුල් කළ යුතු අතර, එමගින් රෝහල්ගත වීම් දීමනා, සැත්කම් දීමනා, මරණ පාරිතෝශික දීමනා යනාදිය අදාළ දිනට පෙර විශ්‍රාම ගිය අය සඳහා ද ලබාදීමේ අවශ්‍යතාව විශ්‍රාමිකයන්ගේ පාර්ශවයෙන් අවධාරණය කෙරුණා.

අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ 2016.01.01 දිනට පෙර විශ්‍රාම ලැබූවන් සඳහා ද ලබා දීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නා.

විශ්‍රාමිකයන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ බලයලත් නියෝජිතයෙකු පත් කරන ලෙසත්  සහ විශ්‍රාමික සංගම් නියෝජිතයන් හා එම බලයලත් නිලධාරියා අතර මූලික සාකච්ඡාව දෙසැම්බර් 15 වෙනි දින උදේ 9.00ට පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන ලෙස ද, කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා.

වැඩිහිටි දීමනාව ලබා ගන්නා අය ද, ආබාධිත පුද්ගලයන්ද සමාජීය ප්‍රතිලාභ ලැබිය යුතු අයගේ ලැයිස්තුවට (Social Registry)  ඇතුලත් කළ යුතු බවත්, විශ්‍රාම වැටුප් ගෙවීමට සැළකිය යුතු බලපෑමක් සිදුවන බැවින් විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මරණ ඉක්මණින් යාවත්කාලීන කළ හැකි ඩිජිටල් ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ද, මෙහිදී අවධාරණය කෙරුණා.

මෙම කාරක සභා රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන් ද එක්ව සිටියා.

 

The post විශ්රාමික දීමනා ඉහළ නැංවීමට සූත්රයක් සකස් කරන්න – විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවට  නිර්දේශ appeared first on ITN News.

You may also like

- adaderana.lk

Muslim pilgrims have been streaming into Saudi Arabia s holy city of Mecca ahead of the start of the Hajj later this week, as the annual pilgrimage returns to its monumental scale.

- adaderana.lk

Justice, Prison Affairs and Constitutional Reforms Minister Dr. Wijeyadasa Rajapakshe has announced plans to enact approximately 15 crucial laws in the upcoming weeks.

- adaderana.lk

Sri Lanka will start talks on a free trade agreement with Malaysia, as it seeks to improve trade ties to support its recovery from a financial crisis, the Cabinet spokesperson said on Wednesday.

- onlanka.com

Sri Lankan President Ranil Wickremesinghe has appointed a Committee of Inquiry to investigate the actions taken by the State Intelligence Service (SIS), the Chief of National Intelligence (CNI), and other relevant authorities regarding prior intelligence received about the Easter Sunday terror attacks on April 21, 2019.The post Sri Lanka President appoints committee to probe 2019 Easter Sunday Att...

- colombogazette.com

Israel and Hamas have been accused of committing a litany of war crimes and human rights abuses since 7 October in a new independent report to the UN Human Rights Council. The damning accusations, compiled by investigators from the UN’s Commission of Inquiry, accused both sides of war crimes for mounting attacks against civilian populations […]

- colombogazette.com

The Central Bank is to regulate all money transfer services in Sri Lanka, the Central Bank of Sri Lanka (CBSL) said in a statement. Currently, institutions providing money transfer services in Sri Lanka such as banks and non-bank financial institutions, are regulated by the Central Bank of Sri Lanka or other relevant authorities to ensure […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc