සාමාන්ය පෙළ ප්රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවයි
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම්කරුවන් හාරලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස් තුන් දෙනෙකු පෙනී සිටියා. ඉන් තුන්ලක්ෂ අනූහතර දහස් හාරසිය පනස් දෙනෙකුම පාසල් අයදුම්කරුවන් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරනු ලබන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කිරීමට නියමිතයි.
ප්‍රථිපල පිළිබද ගැටලු ඇත්නම් 1911 අමතා එම ගැටලු විසදාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කරන්නේ.
The post සාමාන්ය පෙළ ප්රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවයි appeared first on ITN News.