පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කිරීමට කටයුතු කෙරුණා.
එම විවෘත කර ඇති වාන්දොරටු දෙකෙන් ඝන අඩි 3000ක ජල ප්‍රමාණයක් පිටව යන බවත් ඉදිරි කාලය තුළ ලැබෙන වර්ෂාපතනය අනුව පිටව යන ජල ප්‍රමාණයේ යම් වෙනසක් සිදුවිය හැකි බවද ජලාශය භාර ඉංජිනේරු කාර්යාලය පවසන්නේ.
මේ අතර රාජාංගන ජලාශයේ වාන්දොරටු 30න් වාන්දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙයින් තප්පරයට ඝන අඩි 1200ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හරින බවයි වාරි ඉංජිනේරුවන් පවසන්නේ.
The post පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි appeared first on ITN News.