ප්රංශයේ සිදු වූ මාරාන්තික පිහි ඇනුම ත්රස්ත කුමන්ත්රණයක් ?
ප්‍රංශයේ සිදු වූ මාරාන්තික පිහි ඇනුම ත්රස්ත කුමන්ත්‍රණයක් බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගැටුම් සම්බන්ධ ආතතීන් ඉහළ යද්දී පසුගිය සෙනසුරාදා රාත්‍රී 9:00 ට ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුළුණ ආසන්නයේ දී මෙම ප්‍රහාරය සිදු වුණා.
මානසික රෝගයකින් පෙළෙන රැඩිකල් ඉස්ලාම්වාදයට සම්බන්ධ පුද්ගලයෙකු සංචාරකයෙකුට පිහියෙන් ඇන තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල කිරීමටයි කටයුතු කර තිබුණේ.
ඔහු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අතර ත්‍රස්ත කුමන්ත්‍රණ චෝදනා ඔහුට එල්ල වී තිබෙනවා.
ඉරාන දෙමව්පියන්ට දාව 1997 දී උපත ලැබූ ප්‍රංශ ජාතික ආමන්ඩ් මියන්ඩෝබ් නම් මෙම ප්‍රහාරකයා පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා .
The post ප්රංශයේ සිදු වූ මාරාන්තික පිහි ඇනුම ත්රස්ත කුමන්ත්රණයක් ? appeared first on ITN News.