නව පාසල් වාරය ආරම්භයට පෙර නිල ඇඳුම් සහ පෙළ පොත්
ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ප්‍රමුඛතාව ලබාදුනහොත් දරුවන්ගේ ප්‍රමුඛතා මඟ හැරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
නව පාසල් වාරය ආරම්භයට පෙර නිල ඇඳුම් සහ පෙළ පොත් ලබාදෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ පැවති පාසල් පාවහන් තිළිණ පත් බෙදාදීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
දිවයිනේ දුෂ්කර / අති දුෂ්කර සහ හුදෙකලා ප්‍රදේශවල පිහිටි පාසල් සහ තෝරා ගත් පිරිවෙන්වල භික්ෂුන් වහන්සේ / සිල් මාතාවන් සහ සිසු දරුවන් හත්ලක්ෂ හත්ලිස් හත්දහස් අනූතුන් දෙනෙකු වෙනුවෙන් මෙවර පාවහන් තිළිණ පත් ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මේ සදහා වැයකර ඇති මුදල් රුපියල් මිලියන 2200ක්. පාවහන් තිළිණ පතක වටිනාකම රුපියල් 3000ක් වනවා.
ලබන වසරේ දී පාවහන් තිළිණ පත් ලබාදෙන සිසුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.
The post නව පාසල් වාරය ආරම්භයට පෙර නිල ඇඳුම් සහ පෙළ පොත් appeared first on ITN News.