ඊශ්රායලයේ රැකියා ලබාදෙන පවසමින් මුදල් රැස්කිරීමේ ජාවාරමක් – විමසිල්ලෙන් පසුවන්නැයි ඉල්ලීමක්
ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන පවසමින් මුදල් රැස්කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව බලපත්‍රලාභී විදේශ රැකියා නියුක්ති නියෝජිත ආයතන සංගමය සදහන් කරනවා.
ඒ පිළිබදව විමසිල්ලෙන් පසුවන ලෙසයි එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
කෘෂිකාර්මික හා ඉදිකිරීම් රැකියා ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලැබීමත් සමග මෙම තත්ත්වය උදාවී ඇති බව එම සංගමය සදහන් කරනවා.
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් යැවීමේ අවසරය පෞද්ගලික අංශයට හිමිවී තිබුණ ද එසේ යැවිය හැක්කේ රැකියා අවස්ථා ලැබී ඇති විදේශ රැකියා ආයතනවලට පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
නමුත් ඇතැම් ජාවාරම්කරුවන් තමන් සතුව ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ඇති බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් රැස්කරන බවට තොරතුරු ලැබී ඇති බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරනවා.
The post ඊශ්රායලයේ රැකියා ලබාදෙන පවසමින් මුදල් රැස්කිරීමේ ජාවාරමක් – විමසිල්ලෙන් පසුවන්නැයි ඉල්ලීමක් appeared first on ITN News.