මිඡවුම් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්යාව ඉහළ යයි
මිඡවුම් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දහවල් කාලයේ දී මිඡවුම් සුළි කුණාටුව ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ඉන්දියාවට ඇතුළු වුණා.
සුළි කුණාටුව ඇතුළුවීමත් සමග හටගත් අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටව ගිය බවයි වාර්තා වන්නේ.
සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළුවීමට දින දෙකකට පමණ පෙර සිටම එරටට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ලවුණා.
ලක්ෂ 4කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමටයි සහන කණ්ඩායම් පියවර ගෙන ඇත්තේ.
පැයට කිලෝමීටර් 110ක පමණ ප්‍රබලත්වයකින් යුතුව ඉන්දියාවට ඇතුළු වූ සුළි කුණාටුවේ ප්‍රබලත්වය මේ වන විට පැයට කිලෝමීටර් 70 දක්වා අවම වී තිබෙනවා.
ඉදිරි පැය 6 කාලය තුළදී එහි ප්‍රබලත්වය තවදුරටත් අවම වනු ඇති බවටයි ඉන්දීය කාලගුණ අංශ අනාවැකි පළකරන්නේ.
The post මිඡවුම් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්යාව ඉහළ යයි appeared first on ITN News.