අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි
පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා.
රථය පරීක්ෂා කිරිමේ දී ඒ තුළ එළ ගවයින් 18 දෙනෙකු සිටි බවයි පොලීසිය පවසන්නේ.
අරලගන්විල පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ වෙහෙරගල ප්‍රදේශයේ මාර්ග රාජකාරීයේ නිරතව සිටි අරනගන්විල පොලීසියේ නිලධාරීන් ලොරි රථයක් නතර කිරීමට අණ කර තිබෙනවා.
එම අණ නොතකා ධාවනය වු රථය පසුපස හඹා ගිය පොලීසිය එම රථයට වෙඩි තබා නතර කර තිබෙනවා.
එහිදී ලොරි රථය තුළ හිංසාකාරී ලෙස එළ ගවයින් 18 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි ආකාරයයි දැකගත හැකිවුණේ.
බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ සැකකරුවන් තුන් දෙනෙකු මෙහිදි අත්අඩංගුවට ගැනුනා.
ඔවුන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරුණා.
The post අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි appeared first on ITN News.