උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, හාලි ඇල හා උඩුවර අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් මාර්ගය අවහිර වී ඇති බවයි.
මේ හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදු වන බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඊයේ පස්වරුවේ ද අදාළ ස්ථානයෙන් පස්කඳු කඩා වැටී දුම්රිය මාර්ගය අවහිර වී තිබූ අතර, ඒ හේතුවෙන් පැයක පමණ කාලයක් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.
කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, මේ වන විට පස් ඉවත් කර දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමට කටයුතු සිදු කරමින් පවතින බවයි.
The post උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා appeared first on ITN News.