උඩවලව වේල්ල හරහා මාර්ගය හෙට සිට වැසේ
උඩවලව වේල්ල හරහා මාර්ගය හෙට සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
මේ හේතුවෙන් ඇඹිලිපිටිය නගරය හරහා මාර්ගය භාවිත කරන ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ.
ඒ අනුව හෙට සිට ලබන 22 වැනිදා දක්වා කාලය තුළ එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමෙනු ඇති.
ලබන 23 වැනිදා සිට ලබන වසරේ ජනවාරි මස 06 වැනිදා දක්වා උඩවලව වේල්ල හරහා මාර්ගයේ එක් මංතීරුවක් පමණ විවෘත කිරීමට නියමිත අතර ජනවාරි මස 07 වැනිදා සිට 14 වැනිදා දක්වා යළි එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට නියමිතයි.
ජනවාරි මස 15 වැනිදා සිට යළි සුපුරුදු පරිදි මාර්ගය විවෘත වන බවයි උඩවලව ජලාශය කාර්යභාර ඉංජිනේරු කාර්යාලය සදහන් කළේ.
The post උඩවලව වේල්ල හරහා මාර්ගය හෙට සිට වැසේ appeared first on ITN News.