උල්හිටිය ඔය දෙපස පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි දැනුම්දීමක්
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමෙන් හොබරියාව , රත්කිද ප්‍රධාන මාර්ගයේ උල්හිටිය ඔයට දමා ඇති පාලම යට වීමන් ගමනාගමනයට බාධා.
ඉහල ජල පෝෂක ප්‍රදේශ වලට ඇදැහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිරාදුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිද මහවැලි ජලාශයේ වාන්දොරටු 07 ම දින කිහිපයක් තිස්සේ විවෘත තිබෙන අතර අද 15 දින ජලාශයේ ජලය සීග්‍රයෙන් ඉහල යාම හේතුවෙන් වැඩි ජල ප්‍රමාණයක් අද මුදා හැරීමට සිදු වන බව ජලාශයේ නේවාසික තාක්ෂණික නිලධාරී දීප්ත චන්දන ජයසේකර මහතා පවසනවා.
ජලාශයේ වාන් ජලය උල්හිටිය ඔයට මුදා හැරීම හේතුවෙන් හොබරියාව රත්කිද ප්‍රධාන මාර්ගයේ උල්හිටිය ඔයට දමා ඇති පාලම යට වීමන් එම මාර්ගයේ ගමනාගමනය බධා ඇතිව තිබෙනවා.
එක් දොරටුවකින් සෙන්ටිමීටර් 30 බැගින් දොරවල් පහෙන් මුදාහරින ජලය පිට කිරීමේ වේගය තත්පරයට ඝනමීටර් 77 ක වේගයෙන් උල්හිටිය ඔයට මුදා හැරෙනවා.
වාන් ජලය උල්හිටිය ඔයට මුදාහැරීමෙන් හොබරියාව රත්කිද ප්‍රධාන මාර්ගය භාවිත කරන අය සහ උල්හිටිය ඔය දෙපස පදිංචි ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසයි ජලාශයේ තාක්ෂණික නිලධාරී මහතා පවසන්නේ.
The post උල්හිටිය ඔය දෙපස පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි දැනුම්දීමක් appeared first on ITN News.