පැය 24ක් තුළ සැකකරුවන් 2,000කට අධික පිරිසක් අත්අඩංගුවට
ඊයේ දිනයේ ආරම්භ කළ යුක්තිය විශේෂ මෙහෙයුමේ දී ගතවු පැය 24ක කාලය තුළ සැකකරුවන් දෙදහස් එකසිය විසිඑක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත දිවයින පුරා මෙම වැටලීම් සිදුකෙරුණේ අපරාධකල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අරමුණෙන්.
එම මෙහෙයුම්වලදී හෙරොයින්, අයිස්, ගංජා, ඈෂ්, මාවා ඇතුළු මත්ද්‍රව්‍ය තොග විශාල ප්‍රමාණයක් සෙයා ගැනීමට හැකිවී තිබෙනවා.
සැකකරුවන් 2,121 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් 12 දෙනෙකු රැදවුම් නියෝග ලැබූවන් බවයි පොලීසිය පවසන්නේ.
සැකකරුවන් පස් දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පුනරුත්ථාපනය සදහා පුද්ගලයින් 153 දෙනෙකු යොමු කිරීමට නියමිතයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 116 දෙනෙකු ද අත්අඩංගුවට පත්වූවන් අතර වන බව පොලීසිය සදහන් කළා.
The post පැය 24ක් තුළ සැකකරුවන් 2,000කට අධික පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.