ග්රාමීය පාලම් ව්යාපෘතිය යටතේ ඉදිකරන ලද තවත් පාලමක් ජනතා අයිතියට
දුම්බර දොම්සියාවත්ත කම්හල ඇළ හරහා පාලමේ ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත්කෙරුණා.
මෙම ව්‍යාපෘතිය සිදුකෙරුණේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේයි.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රදානත්වයෙන් පාලම ජනතා අයිතියට පත්කෙරුණා. නෙදර්ලන්ත ණය ආධාර යටතේ මේ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 600ක්.
මීටර් 14ක දිගින් යුක්ත පාලම මීටර් 5යි දශම 5 පළලකින් යුක්තයි. පාලම ඉදිකිරීම තුළින් දොන්සියාවත්ත, පණිගලවත්ත, හල්වතුර, බුලත්සිංහල හා ඉංගිරිය දක්වා ගම්මානවලට පහසුවෙන් ළගා විය හැකි අතර පවුල් සියයකට වැඩි පිරිසකට මෙහි සෘජු ප්‍රතිලාභ හිමිවනවා.
ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පාලම් 75ක් ඉදිකිරීම සදහා මුල්ගල තැබුණා. එම කටයුතු අඛණ්ඩව සිදුවන අතර ලබන පෙබරවාරි මාසය වන විට පාලම් 150ක ඉදිකිරීම් අවසන් කිරීම සැලසුම වී තිබෙනවා.
The post ග්රාමීය පාලම් ව්යාපෘතිය යටතේ ඉදිකරන ලද තවත් පාලමක් ජනතා අයිතියට appeared first on ITN News.