සින්නා කොටුවෙයි
යුක්තිය මෙහෙයුමට සමගාමීව හිරණ පාලම අසල සිදුකළ වැටලීමකදී හඳුනා නොගත් මත් කරල් තොගයක් හා එම ජාවාරමෙන් උපයාගත් මුදල් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සින්නා නමැත්තා අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසනවා.
සැකකරු සමග මත්කරල් 400 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 60000/= මුදලක් පොලිසිය භාරයට ගත් බව සඳහන්.
මේ දිනවල දිවයින පුරා සිදුකරන මෙහෙයුම් හේතුවෙන් හොරයින් මත්කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය දැඩි හිඟයක් පවතින බැවින් මත්කුඩු භාවිතා කරන්නන් ඊට ආදේශකයක් ලෙස මෙම හඳුනා නොගත් මත්කරල් භාවිතා කරන බව සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරනවා
සැකකරු හිරන අළුබෝගහ වත්ත පාර පදිංචිකරුවෙක් වන අතර ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post සින්නා කොටුවෙයි appeared first on ITN News.