How can Sri Lankan charities find international donors and partners?

වැට් බදු සංශෝධනය මඟින් සිදුවන බලපෑම අවම කිරීමට රජය අවශ්ය පියවර ගනිමින් සිටිනවා

- itnnews.lk

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළා.

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළේ “එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත සහ එහි බලපෑම” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (28) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.

ආර්ථික විද්‍යාව පිළිබඳ විෂය දැනුම ඇති ඇතැම් පිරිස් පවා ජනවාරි 01 වනදා සිට වැට් බද්ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට මතයක් සමාජගත කරමින් සිටින නමුත් එම ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

තවද, අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවන බවත් මෙහිදී සඳහන් වුණා.

දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි හා අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශක තනූජා පෙරේරා මහත්මිය මෙසේද පැවසුවා,

“2002 අංක 14 දරණ පනත මගින් වැට් බද්ද පනවා තිබෙනවා.

ඒ අනුව එය මෙරටට හඳුන්වා දී වසර 20ක් පමණ ගතවී තිබෙනවා.

මුල් අවධියේදී වැට් බදු අනුපාත දෙකක් වශයෙන් පැවතුනත් පසුව එය අනුපාත තුනක් ලෙස සංශෝධනය වුණා.

මේ ආකාරයට වරින් වර විවිධ අගයන්වලින් පැවතුණු මෙම වැට් බදු අනුපාතය 2019 වසරේ සිදු කළ බදු සංශෝධන මගින් 8%ක් දක්වා පහත දැමුණා.

ඒ හමුවේ රාජ්‍ය ආදායම විශාල ප්‍රමාණයකින් පහත වැටුනා. පසුව එය 15%ක් දක්වා ඉහළ දැමුණා.

පසුගිය මාසයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුනු වැට් බදු සංශෝධන පනත මගින් 2024 ජනවාරි 01 වනදා සිට වැට් බදු අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කර තිබෙනවා.

අපට තවදුරටත් සහන මත පදනම්ව ඉදිරියට යාමට අපහසුයි.

රාජ්‍ය අදායම ඉහළ නංවා ගැනීමේ අත්‍යවශ්‍ය කාරණය මත මෙම බදු සංශෝධනය සිදුකර තිබෙන බව කිව යුතුයි.

ඒ සඳහා අවශ්‍ය වන බදු ප්‍රතිසංස්කරණ ගණනාවක් පසුගිය කාලය තුළ සිදුකර තිබෙනවා.

2019 වර්ෂය වන විට වැට් බදු සඳහා ලියාපදිංචි වීමේ සීමාව මිලියන 15ක්ව පැවතුනා.

නමුත් 2020 ජනවාරි 01වන දා සිට එම සීමාව මිලියන 300ක් දක්වා ඉහළ නංවනු ලැබූවා.

ඒ සමඟ වැට් බදු සඳහා ලියාපදිංචි වී තිබූ බදු ලිපිගොනු විශාල ප්‍රමාණයක් අක්‍රීය වුණා.

නමුත් පසුව එය මිලියන 80ක සීමාව දක්වා පහත හෙළනු ලැබුවා.

නව සංශෝධනය අනුව 2024 ජනවාරි 01වනදා සිට එය රුපියල් මිලියන 60ක් දක්වා තවදුරටත් පහතට ගෙනැවිත් තිබෙනවා.

ඒ වගේම බදු නිදහස් කිරීම් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට නව සංශෝධනයේදී කටයුතු කර තිබෙනවා.

රජයට අහිමි වී තිබූ අති විශාල ආදායම නැවත ලබාගැනීම මෙහි අරමුණයි.

නමුත් ඇතැමුන් මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වැරදි අදහස් සමාජගත කරමින් සිටිනවා.

ඇතැමුන් හුවා දක්වනවා ජනවාරි 01වනදා සිට ජීවත් වෙන්න අමාරු බවත්, බදු සංශෝධනය සමඟ අති විශාල වියදමක් පවුලකට දැරීමට සිදුවන බවත්.

බදු සංශෝධනය නිසා යම් අමතර වියදමක් එකතු වන නමුත් එය ඇතැමුන් උලුප්පා දක්වන තරමේ ඉහළ යාමක් නොවන බව සඳහන් කළ යුතුයි.

ඒ වගේම එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මේ වන විටත් රජය අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.

උදාහරණයක් ලෙස ඇතැම් භාණ්ඩ ආනයනය කිරීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ද අදාළ වෙනවා.

එම භාණ්ඩවලින් වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් කර වැට් බද්ද පමණක් පවත්වා ගැනීම මගින් වැට් බද්ද වැඩි වීම මගින් සිදුවන බලපෑම අවම කිරීමට කටයුතු කිරීම වැනි සාධනීය පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.”

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද මහතා.

“එකතු කළ අගය මත බද්ද අපේ රටේ ආදායම එක්රැස් කරගැනීමේ ප්‍රධානතම මෙවලමක්.

2023 වර්ෂය සඳහා වැට් බද්ද මගින් රුපියල් බිලියන 600ක් ඉක්මවා යන ආදායමක් අප අපේක්ෂා කළා.

නමුත් ලැබී තිබෙන්නේ ඉන් බිලියන 450ක පමණ ප්‍රමාණයක් පමණයි.

2024 වර්ෂය සඳහා වැට් බද්ද මගින් රුපියල් බිලියන 1400ක පමණ ආදායමක් අපේක්ෂා කරනවා.

අපේක්ෂාව කෙසේවූවත් බාහිර, අභ්‍යන්තර සහ බදු නිදහස් කිරීම් වැනි බදු කාන්දුවීමේ සාධක නිසා මෙම අදායම අහිමිවී තිබෙන බව අප තහවුරු කරගෙන තිබෙනවා.

මේ නිසා බදු ගෙවන්නන් ප්‍රමාණය වැඩි කිරීමට සහ බදු නිදහස් කිරීම් අවම කිරීමට රජයට සිදුවී තිබෙනවා.

එසේ වූවත් ජනතාවට විශාල බලපෑමක් ඇතිවන භාණ්ඩ සහ සේවාවන්ගේ බදු නිදහස් කිරීම් ඉවත් කර නැහැ.

අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, ආහාර අතුරින් සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් තවදුරටත් නිදහස් ව පවතිනවා.

ඒ වගේම හාල්මැස්සන්, ලොකු ලූණු, කරවල වැනි විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා වැට් බද්ද අදාළ වන්නේ නැහැ.”

ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ මහතා.

“ශ්‍රී ලංකාව මහ බැංකුවේ මූලික අරමුණ දේශීය මිල ස්ථායීතාවය පවත්වා ගැනීමයි.

ඒ අනුව නව මහබැංකු පනත සමඟ කාර්තුමය වශයෙන් රටේ උද්ධමනය 3-7%ක ප්‍රමාණයක පවත්වාගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එක්ව ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අපගේ ඉලක්කය උද්ධමනය 5% ක පමණ මට්ටමක පවත්වා ගැනීමයි.

බදු සංශෝධනයක් උද්ධමනයට බලපෑම් කරනවා. නොවැම්බර් මාසයේ උද්ධමනය 3.4% ලෙස වාර්තා වුණා.

පවුලක සාමාන්‍යයෙන් සාමාජිකයන් 4ක් ලෙස සලකනවා.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව පසුගිය නොවැම්බර් මාසයේ පවුලක සාමාන්‍ය මාසික වියදම 177,687.44 ලෙස සටහන් වෙනවා.

ඒ අනුව ගත් විට සමස්තයක් ලෙස සාමාන්‍ය පවුලක වියදම රුපියල් 40,000 කින් වැඩි විය නොහැකි බව ඔබට හොඳින්ම වැටහෙනවා ඇතියි.

නමුත් මහබැංකුව ඇස්තමේන්තුගත කර තිබූ ආකාරයට බදු සංශෝධනයට පෙර තිබූ උද්ධමන පුරෝකතන සහ බදු සංශෝධනය පිළිබඳ අදහස් පළ වීමෙන් අනතුරුව ඉදිරිපත් වුණු පුරෝකතන අතර පවතින වෙනස දෙස බැලුවොත් කෙතරම් මිල වැඩිවීමක් නිසා කෙතරම් ප්‍රමාණයක උද්ධමනය වැඩිවීමක් සිදුවේද යන්න පිළිබඳ වටහාගත හැකියි.

මෙම බදු සංශෝධනයේ ඍජු සහ වක්‍ර බලපෑම් සියල්ලම සලකා බැලීමෙන් අනතුරුව අප 2-3% අතර ප්‍රමාණයක උද්ධමනය වැඩි වීමක් සිදුවෙතැයි පුරෝකතනය කර තිබෙනවා.

නමුත් එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් අමාත්‍යාංශයත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ නිසා දැනට අප පුරෝකතනය කර ඇති අනුපාතය ද තවදුරටත් අඩුවීමේ හැකියාවක් පවතිනවා.

සමස්තයක් විදියට දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසය වන විට පවුලක මාසික වියදම රුපියල් 40,000කින් පමණ වැඩිවීමක් සිදු වෙන්න බැහැ.

එවැනි ප්‍රකාශ පිළිබඳ අප කණගාටු වෙනවා.”

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා.

“මේ වසර සැලකූ විට මේ දක්වා රජයේ ආදායම රුපියල් ට්‍රිලියන තුනකට ආසන්න සීමාවකට ළඟාවී තිබෙනවා.

අපේ බලාපොරොත්තුව පැවතුණේ මේ වසරේ මුළු රාජ්‍ය ආදායම රුපියල් මිලියන 2850ක් පමණ වනු ඇතියි.

නමුත් එම ඉලක්කය මේ වන විට අප පසුකර තිබෙනවා.

ඒ වගේම 2023 වර්ෂයේදී රජය විසින් පැනවූ බදු මගින් යම් පීඩනයක් ඇති වූවත් ජනතාවගේ අත්‍යවශ්‍ය සියලු සේවාවන් අඩුපාඩුවකින් තොරව සැපයීමට කටයුතු කර තිබෙනවා.

යම් පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක් අසාමාන්‍ය ලෙස භාණ්ඩවල මිල ඉහළ දමමින් කටයුතු කරනවා නම් රජය සහ ජනතාව එක්ව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ හැකියාව පවතිනවා.

ලෝකයේ අනෙකුත් රටවල් ගත් විට එම රටවල දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම 6-8% අතර මට්ටමක පවතිනවා.

නමුත් ශ්‍රී ලංකාවේ මේ වසරේ දත්ත සලකා බැලුවත් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම පවතින්නේ 2.2% වැනි ප්‍රමාණයකයි.

2024 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම 4%ක් පමණ වනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

නමුත් එය ප්‍රශස්ත මට්ටම නොවෙයි. ඒ නිසා ආර්ථික ක්‍රියාකාරකම් නිසි පරිදි මෙයෙවීමේ යාන්ත්‍රණයක් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා.

ඒ සඳහා 2024 අයවැය මගින් ඩිජිටල්කරණය සහ සියලුම ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා.”

දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර් මහතා.

“පාර්ලිමේන්තුවෙන් සම්මත කර දුන් මෙම බදු පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබෙනවා.

බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ගයක මේ වන විට අප යෙදී සිටිනවා. ලියපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ගත් විට, 2022 වර්ෂයේදී සමාගම් 73,444ක් ලියාපදිංචි වී තිබූ අතර, මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එය 81,909ක් දක්වා වැඩි වී තිබෙනවා.

තනි පුද්ගලයින් ලෙස 2022 වර්ෂයේ දී පුද්ගලයින් 204,467ක් බදු ලියාපදිංචි වී සිට අතර මේ වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එම සංඛ්‍යාව 500,196 දක්වා වැඩි වී තිබෙනවා.

ලියාපදිංචි හවුල් ව්‍යාපාර සංඛ්‍යාව 13,776 සිට 15,579 දක්වා වැඩි වී තිබෙනවා.

වර්තමානයේ APIT ලෙස හඳුන්වන PAYE බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 41,636 සිට 242,679 දක්වා වර්ධනය වී තිබෙනවා.

වැට් බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 10,604 සිට 13,546 දක්වා වැඩි වී තිබෙනවා.

2019 වසරේ බිලියන 1025ක් වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම, 2020 වර්ෂයේදී බිලියන 500 දක්වා අඩු වූවත් මේ වර්ෂයේදී අපට බිලියන 1500 දක්වා ඉහළ නැංවීමට හැකි වුණා.

එය සිදු වුණේ බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුපාතයන් වෙනස් කිරීම මගිනුයි.

මේ තත්ත්වය ඉදිරියේදී ලිහිල් විය හැකියි.

2024 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ලබා ගත යුතුයි.

මෙය වරදවා වටහාගන්න එපා. ලියාපදිංචි අංකය ලබාගැනීම සහ බදු ලිපිගොනු විවෘත කිරීම කාරණා දෙකක්.

සෑමදෙනෙකුටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙනවා වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ද පැවතිය යුතුයි.

බදු ගෙවීම සඳහා තරම් ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතුයි. එවිට ඔවුන්ට අදායම් බදු ගෙවීම සඳහා ලිපි ගොනුවක් විවෘත කිරීම සිදු වෙනවා.”

The post වැට් බදු සංශෝධනය මඟින් සිදුවන බලපෑම අවම කිරීමට රජය අවශ්ය පියවර ගනිමින් සිටිනවා appeared first on ITN News.

You may also like

- colombogazette.com

Virtusa Corporation, a global provider of digital engineering and IT services, proudly hosted the first-ever LinkedIn (LI) community event in Sri Lanka, dubbed “Connect Colombo.” The landmark event took place at the Courtyard by Marriott, marking a significant milestone in the country’s professional networking landscape. Bringing together over 200 industry leaders and mid to seni...

- colombogazette.com

Rallies have taken place across Australia in response to a wave of recent violence against women. Demonstrators want gender-based violence to be declared a national emergency and stricter laws put in place to stop it. Prime Minister Anthony Albanese said the issue was a national crisis. In Australia, a woman has been killed on average […]

- colombogazette.com

“After 2009, everything changed. Now the rule is, if I go to your house, read some Quran, pray together, and the government finds out, you go to jail.” That’s how the Freedom House had quoted Barna, a Uighur woman from Xinjiang who had been living in the United States since 2015. In the backdrop of […]

- colombogazette.com

SIPRI Report Reveals India’s Surge in Military Spending, Self-Reliance Drive Amidst Escalating Geopolitical Tensions The latest report by the Stockholm International Peace Research Institute (SIPRI) paints a picture of India’s burgeoning military prowess, showcasing a significant climb in global rankings. With a military expenditure totaling $83.6 billion in 2023, India secured the fou...

- adaderana.lk

Tornadoes killed four people in Oklahoma, including an infant, and left thousands without power Sunday after a destructive outbreak of severe weather flattened buildings in the heart of one rural town and injured at least 100 people across the state.

- colombogazette.com

By N Sathiya Moorthy If there is one job that is more difficult than being the CEO of a global government, it is being the elected Executive President of Sri Lanka – or, any other democracy of disproportionate sizes. Notwithstanding what incumbent Ranil Wickremesinghe has since said about the future of Executive Presidency – conveniently, […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc