වාහන අංක තහඩු තොගයක් දඹුල්ල හෝටලයකින් හමුවෙයි
දඹුල්ල බස් නැවතුම්පළ ආසන්නයේ හෝටලයක සඟවා තිබූ වාහන අංක තහඩු සහිත බෑගයක් සොයා ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.
ගංජා සහ මත්ද්‍රව්‍යය සඟවාගෙන තබාගෙන ඇතැයි යන තොරතුරක් මත දඹුල්ල පොලිසිය හදිසිය සෝදිසි මෙහෙයුමක නිරත වුණා.
එහිදී කණ්ඩායමක් මෙම හෝටලය හදිසි පරීක්ෂාවට ලක් කළා.
මෙම ස්ථානයේ විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන බව අනාවරණය කර ගෙන ඇති අතර මිට පෙර මෙම ස්ථානයේ තිබී විශාල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
වැටලීමේදී වාහන රැසක අංක තහඩු සහිත බෑගය සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.
හෝටලය පරීක්ෂා කිරීමට අමතරව ප්‍රදේශයේ නිවාස කිහිපයක් ද පොලිස් පරීක්ෂාවට ලක් කෙරුණා.
එහිදී පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසනවා.
The post වාහන අංක තහඩු තොගයක් දඹුල්ල හෝටලයකින් හමුවෙයි appeared first on ITN News.