Industry 2023 Galle Edition ප්රදර්ශනය ඇරඹේ
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධාන කළ Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා ඇතුළු සම්භාවනීය ආරධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් ඊයේ ගාල්ල සමනල ක්‍රිඩාංගන පරිශ්‍රයේ දී ආරම්භ කෙරුණා.
මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක ප්‍රදර්ශන කුටි 300 කට අධික ප්‍රමාණයක් තුළ නවෝත්පාදන, නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවාංගයන් මෙන්ම දකුණු පළාතට අනන්‍යවූ කර්මාන්ත රැසක් ද Industry 2023 Galle Edition කර්මාන්ත ප්‍රදර්ශනයට අන්තර්ගත වන අතර කර්මාන්ත ගැන දැනුවත්වෙමින් නව කර්මාන්තයන් ආරම්භ කරමින් ව්‍යවසායකයකු වීමට කැමති සැමට ඊට අදාළ අවස්ථාවන් උදාකර දීම ද සිදුකොට තිබෙනවා.
එහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙසේ සදහන් කළා.
“පසුගිය කොරෝනා සමය සහ ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ ව්‍යවසායකයන් වෙහෙසකට පත්වුණා.
නමුත් එවැනි අපහසු කාලසීමව තුළත් ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඩොලර් මිලියන 13.1 ක් උපයා ගන්නට හැකිවුනා.
ව්‍යවසායකත්වය දියුණු නොකිරීමේ විපාක අප පසුගිය කාලය තුළ භුක්ති වින්දා.
රටක් ආර්ථිකමය වශයෙන් ස්ථාවර වීමට නම් ශක්තිමත් කර්මාන්ත ආර්ථිකයක් අවශ්‍යයි. එම අරමුණ පෙරදැරි කර ගනිමින් මෙම ප්‍රදර්ශන මාලාව පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම සාම්ප්‍රදායිකව අපනයන ආදායම් ලබා දෙන තේ සහ ඇගලුම් කර්මාන්ත කේෂ්ත්‍රයන්ට අමතරව ගිය වසරේ මෙන්ම මෙම වසරේදීත් සුළු ඉලෙක්ට්‍රෝනික උපාංග, විදුලි ඉංජිනේරු කේෂත්‍රය, ඖෂධ නිෂ්පාදනය, රූපලාවණ්‍යය කේෂ්ත්‍රය සහ ස්වර්ණාභරණ සහ මැණික් ආශ්‍රිත නිෂ්පාදන යන කේෂ්ත්‍ර ඉදිරියට ඒමේ ප්‍රවනතාවක් තිබෙනවා.
එමෙන්ම පසුගිය වසර දෙක තුළ අප හදුනා ගත්තා මෙරට තුළ දියුණු කළ යුතු ආරක්ෂා කළ යුතු අංශ ගනනාවක් තිබෙන බව.
එම අංශ ප්‍රවර්ධනට කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් කටයුතු කරමින් සිටින බව කිවයුතුයි”
මෙම අවස්ථාවට එක්වූ කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ශක්‍තිමත් කිරීම වෙනුවෙන් මෙරට කර්මාන්ත දියුණු කිරීමට සමගාමීව අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශන මෙන්ම ලබන වසර පුරාවට මෙරට සියලුම පළාත් වල කර්මාන්ත ප්‍රදර්ශන පැවැත්වීමට කටයුතු කරන බවයි.
එමෙන්ම රටේ ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන රටේ ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2.8% ක් වන අතර එය 2030 වන විට 10% දක්වා ප්‍රවර්ධනය කිරීම අපගේ අරමුණ බවත් එතුමිය වැඩි දුරටත් සඳහන් කළා.
එහීදී අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සැනෝටා පුද්ගලික සමාගමේ අධිපති සහන් රණසිංහ මහතා සඳහන් කළේ කර්මාන්ත ප්‍රදර්ශන පැවැත්වීම තුළින් කර්මාන්තකරුවන්ගේ ව්‍යවසායකත්වය පුළුල් කර ගැනීමටත් කුඩා, මධ්‍යම, ක්ශුද්‍ර සහ මහ පරිමාණ ව්‍යවසායකයින් අතර සම්බන්දතාව ප්‍රවර්ධනය වන බවයි.
එමෙන්ම මෙම අවස්ථාවට එක්වු ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා කියා සිටියේ දකුණු පළාතේ ජනතාවට කර්මාන්ත ක්ෂේත්‍රයන් ඔස්සේ සිය ආර්ථිකය ඉහළ නංවා ගැනීමට මෙම කර්මාන්ත ප්‍රදර්ශනය හොද අවස්ථාවක් උදාකර දෙන බවයි.
එමෙන්ම කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා අති දක්ෂ අමාත්‍යවරයෙක් බව එතුමන් රටේ සංවර්ධනයට අවශ්‍ය අංශ හදුනා ගනිමින් කටයුතු කරන බවත් එතුමා වැඩි දුරටත් සඳහන් කළා.
මෙම සමාරම්භක අවස්ථාවේදී තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් වෙනුවෙන් ලංකා බැංකුව මගින් ලබා දෙන ණය මුදල් ප්‍රදානයක් ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණා.
ඊයේ ආරම්භ වූ ප්‍රදර්ශන දෙසැම්බර් 29 සහ 30 දෙදින පුරා උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙනවා.
The post Industry 2023 Galle Edition ප්රදර්ශනය ඇරඹේ appeared first on ITN News.