රජයට අයත් පොහොර සමාගම් දෙක 2023 වසරේ රු.මිලියන 480ක ශුද්ධ ලාබයක් උපයයි

- itnnews.lk

රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත් වී තිබෙනවා.

මේ අනුව කොළඹ කොමර්ෂල් සමාගම රුපියල් මිලියන 360ක් හා ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 120ක් වශයෙන් ද ලාබ උපයා තිබෙනවා.

මෙම පොහොර සමාගම් දෙක තුළින් පොහොර සැපයීම ඇතුළු ගොවි ජනතාවට ලබා දෙන සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (28) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

එම අවස්ථාවට සහභාගි වූ රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා මෙම වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාභයක් ඉපයීමට හැකිව ඇති බව අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

එමෙන්ම රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් උපයන ලද ආදායම පදනම් කර ගනිමින් සියලුම සේවක පිරිස් වෙත දිරි දීමනාවක් පිරිනැමීම ද ඊයේ අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා.

මේ සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කර ඇති අතර මෙම සමාගම් දෙකේම සේවය කරන 420ක් පමණ වන සියලුම සේවකයින්ට මාස දෙකක මුලික වැටුපට සමාන දිරි දීමනාවක් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා.

දැනට මෙම පොහොර සමාගම් දෙක මගින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර සැපයීම සිදු කරන අතර එම කටයුතු තවදුරටත් පුළුල් කරමින් පලිබෝධ නාශක අලෙවිය සඳහා ද කටයුතු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගම් දෙකෙහි සභාපතිවරයාට උපදෙස් දුන්නා.

ඒ සඳහා අනපනත් සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පියවර ගැනීමට රජයේ සහයෝගය ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඉදිරියේ දී රජය පොහොර සැපයීමේ වැඩ පිළිවෙළින් ඉවත් වන නිසා මෙම සංස්ථා දෙක පුද්ගලික අංශය හා තරගකාරීව පොහොර සැපයීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා අවධාරණය කළා.

දැනට පුද්ගලික සමාගම්  කෘමිනාශක හා වල්නාශක  ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරමින් ගොවි ජනතාව සූරා කමින් සිටියි.

මෙම ව්‍යාපාරයේ ඇති ඒකාධිපති තත්ත්වය අහෝසි කිරීමට නම් රජයේ මැදිහත්වීම යටතේ තරගකාරිත්වයක් ඇති කළ යුතුය.

ඒ සඳහා ඇති හොඳම විකල්පය පොහොර සමාගම් දෙක යටතේ පළිබෝධ නාශක අලෙවිය සඳහා කටයුතු කිරීමයි.

දැනට පළිබෝධ නාශක අලෙවියේ දී සියයට 18-20 අතර කොමිස් මුදලක් ලබා දෙන බැවින් ගොවි ජනතාවට 12%ක පමණ සහන මිලකට පළිබෝධ නාශක ලබා දිමට හැකියාව ලැබෙනවා.

ඒ නිසා රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් එහි ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නා..

 

 

 

The post රජයට අයත් පොහොර සමාගම් දෙක 2023 වසරේ රු.මිලියන 480ක ශුද්ධ ලාබයක් උපයයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

Three persons from the same family including a seven-year-old girl are reported dead after drowning in flood waters at Puwakpitiya.

- adaderana.lk

Two persons have been reported dead after a mound of earth collapsed on a house at Deiyandara, Pallewela.

- adaderana.lk

The Department of Meteorology says prevailing showery conditions are expected to continue in the south-western part of the island today.

- island.lk

President Ranil Wickremesinghe reiterated that our constitution mandates that the government should accord priority to Buddhism. This responsibility is not solely vested in the government but extends to the state as a whole. Therefore, the support of all three branches of the state—the executive led by the President, the Parliament led by the Speaker and […]

- island.lk

A man has been arrested in southern France over a plan to attack a football stadium which will be used during this summer’s Olympic Games, officials say. The 18-year-old of Chechen origin was apprehended in Saint-Etienne on 22 May after authorities found evidence of an Islamist-inspired attack, officials say. Interior Minister Gérard Darmanin praised the […]

- adaderana.lk

President Ranil Wickremesinghe underscored that according to the constitution, prioritizing Buddhism is imperative. He emphasized that the responsibility of upholding this principle is vested in the executive, legislature and judiciary.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc