ලබන වසරේදී සිංගප්පූරුව බදු වැඩිකිරීමට තීරණය කරයි
ලබන වසරේදී සිංගප්පූරුව එරට බදු වැඩිකිරීමට තීරණය කර තිබෙනවා.
ජීවන වියදම ඉහළයාම මධ්‍යයේ වුවද මෙසේ බදු ඉහළ දැමීමට සිදුව ඇති බවයි එරට රජය පවසන්නේ.
දැනට 8%ක් වන බදු ප්‍රතිශතය 9%දක්වා ඉහළ නංවා තිබෙනවා.
බදු ඉහළ දැමීමත් සමග එදිනෙදා භාවිතයට ගැණෙන පාරිභෝගික භාණ්ඩවල සිට සුඛෝපභෝගී භාණ්ඩු දක්වා භාණ්ඩ රැසක මිල ඉහළ යනු ඇති.
එමෙන්ම සේවා අංශයට ද මෙම බදු ඉහළ දැමීම අදාළ බවයි වාර්තා වන්නේ.
වසර 15ක කාලයක් නොවෙනස්ව 7%ක බදු ප්‍රතිශතයක් සිංගප්පූරුව පවත්වාගෙන ගිය අතර එය 8% දක්වා ඉහළ දැමුනේ පසුගිය ජනවාරි මාසයේදීයි.
The post ලබන වසරේදී සිංගප්පූරුව බදු වැඩිකිරීමට තීරණය කරයි appeared first on ITN News.