2024 වසරේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ පළමු කණ්ඩායම පිටව යයි
2024 වසරේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ පළමු කණ්ඩායම වශයෙන් ශ්‍රී ලාංකික තරුණයින් සිය දෙනෙකු කොරියාව බලා පිටත්ව යනවා.
දකුණු කොරියානු රැකියා හිමිවූ 832 වන කණ්ඩායම වන මෙම පිරිසට නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවී තිබෙනවා.
ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියානු රජය අතර ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා හිමිවන අතර, 2023 වර්ෂය තුලදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 6412 දෙනෙකු පිටත් කර යැවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකි වී තිබෙනවා.
The post 2024 වසරේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ පළමු කණ්ඩායම පිටව යයි appeared first on ITN News.