එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්රීමතාණන්ගේ 125 වන ජන්ම දිනය අද
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය ගොඩනගමින් පොදු ජන යුගයක් ඇරඹූ දිවංගත අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්රීමතාණන්ගේ 125 වන ජන්ම දින සමරුව අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියසදී පැවැත්වුණා.
මෙරට සිව්වන අග්‍රාමාත්‍යවරයා වූ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා සහාසිකයෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වන්නේ පොදුජන සිත්සතන් දැඩි සංවේගයට පත් කරමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා වන්නේ ද බණ්ඩාරනායක මහතායි.
මෙරටට සර්වජන ඡන්දය ලැබීමත් සමග ක්‍රියාත්මක වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වන ඒ මහතා සෞඛ්‍ය සහ පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළා.
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීම, සේවක අර්සාධක අරමුදල පිහිටුවීම, චීනය රුසියාව වැනි රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකිරීම ඇතුළු දැවැන්ත කාර්යභාරයක් ඒ මහතාගේ යුගයේ ඉටුකර තිබෙනවා.
බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 125වන ඡන්ම දින සැමරුම ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක ප්‍රථිමාව අභියසදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ගුණසමරු උත්සවය පැවැත්වුණා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූවා.
සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ද මෙම අවස්ථාවට එක්වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්රීමතාණන්ගේ 125 වන ජන්ම දිනය අද appeared first on ITN News.