සීසන් එක ගැන අලුත්ම ආරංචිය
පාසල් නිවාඩු කාලයට ද වලංගු වන පරිදි ලබන මාසයේ සිට පාසල් සිසුන්ට ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් වාර ප්‍රවේශ පත්‍ර ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
සෑම මාසයකට අදාළව පාසල් සිසුන් වෙනුවෙන් වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදුකෙරෙනවා.
එහෙත් ජනවාරි මාසය වෙනුවෙන් නිකුත් කළ වාර ප්‍රවේශ පත්‍ර අවලංගු කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ පාසල් නිවාඩුව හේතුවෙන් මෙලෙස වාර ප්‍රවේශ පත්‍ර අවලංගු කළ බවයි.
ලබන මාසයේ සිට නිවාඩු කාලයට ද අදාළ වන පරිදි වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අදාළ කටයුතු සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
The post සීසන් එක ගැන අලුත්ම ආරංචිය appeared first on ITN News.