අයහපත් කාලගුණයෙන් ඇමරිකාවේ නැගෙනහිර ප්රදේශ රැසකට බලපෑම්
ඩේජාවූ සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ නැගෙනහිර ප්රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් ඇලබාමා, ජෝර්ජියා හා උතුරු කැරොලිනා ප්‍රාන්ත වලින් මරණ හතරක් වාර්තා වුණා.
ගංගා රැසක ජල මට්ටම මේ වන විටත් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.
එමෙන්ම ශීත කාලගුණය මධ්‍යයේ ප්‍රදේශ රැසකින් විදුලිය ඇනහිටීම් වාර්තා වනවා.
නිව් යෝර්ක්, පෙන්සිල්වේනියා, නිව් ජර්සි, වර්මොන්ට් හා මේන් යන ප්‍රාන්ත වල 120,000 කට වැඩි නිවාස හා ව්‍යාපාර ස්ථාන ඊයේ රාත්‍රියේ අඳුරේ පසුවුණා.
The post අයහපත් කාලගුණයෙන් ඇමරිකාවේ නැගෙනහිර ප්රදේශ රැසකට බලපෑම් appeared first on ITN News.