2020 පසු පළමුවරට විදෙස් සංචාරකයින්ට උ.කොරියාවට ඇතුළු වීමට අවසර
2020 වසරෙන් පසු පළමුවරට විදෙස් සංචාරකයින්ට උතුරු කොරියාවට ඇතුළු වීමට අවසර ලබාදී තිබෙනවා.
කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් සංචාරකයින්ට උතුරු කොරියාවට ඇතුළුවීමට අවසර හිමි වූයේ නැහැ.
පැනවූ නීති වෙනස් කිරීමෙන් පසු පළමුවරට විදෙස් සංචාරකයින්ට උතුරු කොරියාවට ඇතුළු වීමට අවස්ථාව හිමිවනවා.
ඒ යටතේ රුසියා ජාතිකයින් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයට එක්වන බවයි වාර්තා වන්නේ.
එම පිරිස දින 4ක සංචාරයක් සඳහා පෙබරවාරි 9 වන දින උතුරුකොරියාවට පැමිණීමට නියමිතයි.
ජගත් ආරක්ෂක කවුන්සිලය උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් බොහෝ රටවල් උතුරු කොරියාවේ සංචාරය සඳහා තම වැසියන්ට ඉඩ ලබා දෙන්නේ නැහැ.
2019 වසරේ දී චීන සංචාරකයින්ගෙන් පමණක් උතුරු කොරියාව උපයා ඇති ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 175ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
The post 2020 පසු පළමුවරට විදෙස් සංචාරකයින්ට උ.කොරියාවට ඇතුළු වීමට අවසර appeared first on ITN News.