ලබන මසයේ සිට විදුලි ගාස්තු අඩුවෙන ලකුණු
ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත විදුලි ගාස්තු 3.34%කින් අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැළසුම් කර ඇති බව වාර්තා වනවා.
ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදුන් ගාස්තු සංශෝධන යෝජනාවලියේ මේ බව දැක්වෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත සංශෝධන යෝජනාවලිය විදුලිබල මණ්ඩල විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමුකර තිබෙනවා.
එම යෝජනාවලට අනුව ගෘහස්ථ විදුලි සබදතා කාණ්ඩය යටතේ මාසයට ඒකක බින්දුවේ සිට 30 දක්වා දැනට අය කරන ගාස්තුව රුපියල් 11 දක්වා රුපියලකින් අඩුකෙරෙනවා.
ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට 165 දක්වා රුපියල් 15කින් අඩු කිරීමට යෝජිතයි.
මසකට ඒකක 31 සිට 60 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 27.50 දක්වා එනම් රුපියල් 2.50කින් අඩු කෙරෙන බවටයි යෝජනාවේ සඳහන් වන්නේ.
ඊට අදාළව මෙතෙක් රුපියල් 360ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 330 දක්වා රුපියල් 30 කින් අඩු කිරීම සැලසුමයි.
මසකට ඒකක 0 – 60ත් දක්වා දැනට අයකෙරෙන ගාස්තුව රුපියල් 38 සිට 37 දක්වා අඩු කෙරෙන අතර ඒකක 61 සිට 90 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 2කින් අඩු කිරීමට යෝජිතයි.
ඊට අදාළ ස්ථාවර ගාස්තු අඩු කෙරෙන්නේ රුපියල් 25කින් පමණයි.
ඒකක 91 සිට 120 දක්වා ගාස්තුව රුපියල් තුනකින් සහ ස්ථාවර ගාස්තුව රුපියල් 60කින් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒකක 121 සිට 180 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව රුපියල් 2කින් අඩු කෙරෙන අතර ඊට අදාළ ස්ථාවර ගාස්තුව අඩු කෙරෙන්නේ රුපියල් 70කින්.
ආගමික සහ පුණ්‍යායතන සඳහා අය කෙරෙන ගාස්තු ද අඩු කිරීමට යෝජනාවී තිබෙනවා.
යෝජිත විදුලි ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව සහ තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් දැක්වූවා.
The post ලබන මසයේ සිට විදුලි ගාස්තු අඩුවෙන ලකුණු appeared first on ITN News.