ස්වීඩනයේ ඊශ්රායල තානාපති කාර්යාලයට පහරදීමේ සැළසුමක තොරතුරු හෙළිවෙයි
හමාස් සංවිධානය ස්වීඩනයේ ඊශ්රායල තානාපති කාර්යාලයට පහරදීමට සැළසුම් කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.
පලස්තීන සටන්කාමීන් කණ්ඩායමක් වන හමාස් යුරෝපයේ රටවලට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා ක්‍රියාකාරී ජාලයක් පවත්වාගෙන යන බවට ඊශ්‍රායල බුද්ධි ඒජන්සිය වන මොසාඩ් අනතුරු අඟවා තිබෙනවා.
පසුගිය මාසයේ ජර්මනිය , ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තය යන රටවලට යුදෙව් වෙබ් අඩවි ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් සිදු කිරීමට සැළසුම් කළ බවට සැකපිට පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
ඔවුන්ගෙන් ලද තොරතුරු මතයි මේ බව අනාවරණය කරගෙන ඇත්තේ.
හමාස් සටන්කාමීන් ස්වීඩනයේ ඊශ්රායල තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීමට සැළසුම් කර ඩ්‍රෝන යානා මිලදී ගැනීමට උත්සාහ කළ බව බුද්ධි තොරතුරේ වැඩිදුරටත් සඳහන් වනවා.
පසුගිය මාසයේ යුරෝපයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ලෙබනනයේ සිට සම්බන්ධීකරණය කරන ලද විශාල හමාස් ජාලයක කොටසක් බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා.
The post ස්වීඩනයේ ඊශ්රායල තානාපති කාර්යාලයට පහරදීමේ සැළසුමක තොරතුරු හෙළිවෙයි appeared first on ITN News.