මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 23 සහ 24
මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය එළඹෙන 23 සහ 24 පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙන්නේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාව තීරණය කර තිබෙන්නේ ජනවාරි මාසයට අදාළ පාර්ලිමේන්තු සැසිවාරය එළඹෙන 23 සහ 24 යන දිනවල පමණක් පැවැත්වීමටයි.
එම දිනවලදී පනත් කෙටුම්පතට අදාළ විවාදය පැවැත් වෙනවා.
The post මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 23 සහ 24 appeared first on ITN News.