LANKA E DOC ව්යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි
නිදහස් අධ්‍යාපනය වඩාත් තහවුරු කරමින් ඉදිරියේ දී ඩිජිටල්කරණය වූ පාසල් තුන්දහසක් ඇති කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ලංකා ඊ ඩොක් ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා.
ඊ ඩොක් ව්‍යාපෘතිය තුළින් ජාත්‍යන්තර සෞඛ්‍ය සේවාව සම පහසුවෙන් එක්වීමට ශ්‍රී ලංකාවට හැකිවනවා.
මෙරට සිටින පුද්ගලයින්ට ඉන්දියාව ඇතුළු වෙනත් රටවල වෛද්‍යවරුන් සමග සම්බන්ධවී දැනුම හා අත්දැකීම් හුවමාරුකර ගැනීමට මෙම ව්‍යාපෘතිය තුළින් හැකියි.
තාක්ෂණික පහසුකම් ඉහළ රෝහල් කිහිපයක සහයෝගය ද මේ සදහා හිමිවනවා.
ව්‍යාපෘතියට අදාළ නිල ලාංඡනය ද මෙහිදී එළිදැක්වුණා.
අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියාසිටියේ මෙවැනි පහසුකම් සහිත සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් රට තුළ ඇතිකරන බවයි.
The post LANKA E DOC ව්යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි appeared first on ITN News.