රජයට අයත් කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයෙන් අවම මිලට ආහාර නිෂ්පාදන රැසක්
දැනට වෙළෙඳ පලේ ඉහළ මිලකට අලෙවි වන ආහාර ද්‍රව්‍ය රැසක් අවම මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවට ලබා දීමට රජයට අයත් කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.
ඊයේ (17) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා බත්තරමුල්ල පිහිටි කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ අලෙවි මධ්‍යස්ථානය හා ප්‍රධාන කාර්යාලයේ කටයුතු නිරීක්ෂණය කළා.
දැනට වෙළෙඳපොලේ සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමා තිබුනත් සංස්ථා නිෂ්පාදන නාමය යටතේ කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් අලෙවි කරනු ලබන කිසිදු ආහාර ද්‍රව්‍යක මිල අයුතු ලෙස ඉහළ දමා නැති බවත්, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන රැසක් අවම මිලක් යටතේ අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවත් කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදිනි ගුණසේකර මහත්මිය පැවසුවා.
මේ වනවිට රටේ ජනතාවට ජීවන වියදම් ඉහළ යාම දැඩිව දැනෙමින් පවතින අවස්ථාවක මිරිස්, තුනපහ, ඇතුළු සියලු කුළුබඩු අඩු මිලට ලබා දීමට පියවර ගැනීම ඉතා හොඳ බවත් ඒ සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එම මණ්ඩලයේ කළමනාකාරිත්වයට කෘතඥතාවයපළ කළා.
දැනට මෙම මණ්ඩලයට අයත් අලෙවි සැල් 32ක් පවතින අතර එම සියලුම අලෙවි සැල්වලින් මෙම පහසුකම් ලබා ගැනීමට හැකි බව කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදිනි ගුණසේකර මහත්මිය පැවසුවා.
The post රජයට අයත් කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයෙන් අවම මිලට ආහාර නිෂ්පාදන රැසක් appeared first on ITN News.