අයිස් මත්ද්රව්ය ජාවාරමේ නිරත කාන්තාවක් අත්අඩංගුවට
වැල්ලම්පිටිය ප්‍රදේශයේ අයිස් මත්ද්රව්ය ජාවාරමේ නිරත කාන්තාවක අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
ගෝන්හේන කදවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව කැලණිතිස්සගම වෙහෙරගොඩ යන ප්‍රදේශයේ කළ වැටලීමකදියි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඇය ළග තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලි ග්‍රෑම් 280ක් හා මුදල් තොගයක් ද අත්අඩංගුවට ගැනුනා.
මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට වැල්ලම්පිටිය ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවයි සිදුකළ විමර්ෂණවලදී හෙළි වුණේ.
The post අයිස් මත්ද්රව්ය ජාවාරමේ නිරත කාන්තාවක් අත්අඩංගුවට appeared first on ITN News.