ඇමෙරිකාවට බලපා ඇති අධික ශීත කාලගුණයෙන් පසුගිය සතිය තුළදී පමණක් 50ක් ජීවිතක්ෂයට
ඇමෙරිකාවට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පසුගිය සතිය තුළදී පමණක් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ශීත සෘතුවේ උදාවත් සමඟ ඇමෙරිකාව දරුණු හිම කුණාටු රැසකට මේ වනවිට මුහුණදී සිටිනවා.
අධික ශීතල, අධික හිම පතනය හා මහා මාර්ග ඝන අයිස් තට්ටුවලින් වැසීයාමත් සමග හටගත් අනතුරු හේතුවෙනුයි මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
ගුවන් ගමන් රැසක් පසුගිය සතිය පුරා අවලංගු කෙරුණු අතර පාසල් වසා දැමීමටද පියවර ගැණුනා.
මිලියන ගණනක පිරිසකට විදුලිබලය නොමැති අතර නව කාලගුණ අනතුරු ඇගවීම් නිකුත් කිරීමටයි කාලගුණ අංශ පියවර ගෙන ඇත්තේ.
මේ අතර කෙන්ටකි ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.
The post ඇමෙරිකාවට බලපා ඇති අධික ශීත කාලගුණයෙන් පසුගිය සතිය තුළදී පමණක් 50ක් ජීවිතක්ෂයට appeared first on ITN News.