ත්රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්
රජයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළා.
ඒ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින්.
පෙත්සම්කරු පවසන්නේ යුද හමුදාව හා පොලිසිය වෙරළාරක්ෂක බලකායට ඕනෑම අයෙකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවාගැනීමේ බලය මෙම පනත් කෙටුම්පත මගින් ලබාදී ඇති බවයි.
එබැවින් එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරනයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සමෙන් තවදුරටත් ඉල්ලා ඇත්තේ.
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ සහ සමාජවාදී තරුණ සංගමය ඇතුළු පිරිසක් ද මෙම පනත් කෙටුම්පත එරෙහිව පෙත්සම් ඉදිරිපත්කර තිබෙනවා.
The post ත්රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක් appeared first on ITN News.