EPF සහ ETF පෙත්සම් ගැන අධිකරණයෙන් නියමයක්
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සාමාජිකයින්ට අගතියක් සිදුවන බවට චෝදනා කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ඔක්තෝම්බර් මස 30 වනදා කැඳවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය අද (23) දින නියම කළේය.