යුක්තිය මෙහෙයුමෙන් තවත් 930 දෙනෙකු අත්අඩංගුවට
ගතවූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 930 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 664 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 266 දෙනෙකු මෙම පිරිසට ඇතුළත්.
අදාළ කාලය තුළදී හෙරොයින් ග්‍රෑම් 425ක් මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 235ක් අත්අඩංගුවට ගැණුනා.
මේ අතර ප්‍රදේශ රැසකට නීතිවිරෝධී මත්පැන් බෙදාහැරීම සඳහා මහා පරිමාණයෙන් මත්පැන් නිෂ්පාදන ස්ථානයක් වැටලීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්වුණා.
වාද්දුව මාවල ප්‍රදේශයේ නිවසක පිටුපස මෙම මත්පැන් නිෂ්පාදනය සිදුකර තිබෙනවා.
සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත්තා.
The post යුක්තිය මෙහෙයුමෙන් තවත් 930 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.