බෙලිඅත්තේ ඝාතනය මෙහෙයවා ඇති පුද්ගලයෙකු අත්අඩංගුවට
බෙලිඅත්තේ දී පුද්ගලයන් පස් දෙනෙකු ඝාතන සිද්ධියට අදාළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධය සඳහා යොදා ගත් වාහනය ද පොලිස් භාරයට ගත් බව සඳහන්.
අපරාධය සැලසුම් කර මෙහෙයවා ඇති සමන් කුමාර නැමැති 54 හැවිරිදි පුද්ගලයෙකු සහ අපරාධය සඳහා පැමිණි අංක 65–2615 දරණ ජීප් රථය මෙසේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
අපරාධය සිදු වන අවස්ථාවේ වාහනයේ රියදුරු වශයෙන් සිට ඇත්තේ ද මෙම සැකකරු බවටයි අනාවරණය වී ඇත්තේ
The post බෙලිඅත්තේ ඝාතනය මෙහෙයවා ඇති පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.