නරක් වූ මාළු බහාලුම් 98 ගොඩබෑම පිළිබඳව කෝපා කමිටුවේ දැඩි අවධානයක්
කාබනික පොහොර නිශ්පාදන සමාගමක් සදහා නෞකාවක නරක්වූ මාළු බහාලුම් 98ක් මෙරට ගොඩබෑම සදහා ශ්‍රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයා බලපත්‍රයක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේදී හෙළිවුණා.
රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වුණා.
මෙහිදී කාරක සභාව හමුවට 2021 සහ 2022 මූල්‍ය වර්ෂය සදහා වූ විගණකාධිපති වාර්තා සහ කාර්ය සාධනය පරික්ෂාව සදහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව කැදවා තිබුණා.
එහිදී නෞකාවේ නරක්වූ මාළු බහාලුම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
ෂි සෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් කළ මත්ස්‍යයින් ගබඩා කළ බහාලුම් රැගත් නෞකාවක් පසුගිය කාලයේ කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වුණා.
ඒත් සමග විදුලි සැපයුම නතර වීමෙන් මත්ස්‍යයින් නරක්වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු තායිලන්තය එම නෞකාව තම රටට ඇතුළුකර ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි විගණන නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේ.
පසුව එම නරක්වූ මත්ස්‍යයින් මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කරන සමාගමක් වෙත ලබාගැනීම සදහා ශ්‍රී ලංකා රේගුව මගින් කළ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයා බලපත්‍රයක් නිකුත් කළා.
එම බලපත්‍රය ලබා ගැනීමට අදාළව ආයනයනකරු ඉල්ලීම් කළ යුතු වුවත් එයට පටහැනිව බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කර ඇත්තේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව බවද කෝපා කමිටුවේදී හෙළිවුණා.
The post නරක් වූ මාළු බහාලුම් 98 ගොඩබෑම පිළිබඳව කෝපා කමිටුවේ දැඩි අවධානයක් appeared first on ITN News.