උමා ඔය ව්යාපෘතියෙන් මෙගාවොට් 60ක් ජාතික පද්ධතියට
උමා ඔය ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙගාවොට් 60ක් ජාතික පද්ධතියට එක් කර තිබෙනවා.
මෙගාවොට් 120ක උමා ඔය ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙගාවොට් 60ක් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම ඊයේ (27) සාර්ථකව සිදුවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒකක දෙකේ ටර්බයින ව්‍යාපෘතියේ දෙවන අදියර පෙබරවාරි මස මැද භාගයේදී ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා ‘X’ පණිවිඩියක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් දේශපාලන ව්‍යාපාර සංවිධානය කළ විරෝධතා, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය යන හේතුමත මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට ප්‍රමාද වුණා.
The post උමා ඔය ව්යාපෘතියෙන් මෙගාවොට් 60ක් ජාතික පද්ධතියට appeared first on ITN News.