හිඟුරාන සීනි සමාගමේ කෙටි ඇඹරුම් වාරය ඇරඹෙයි
හිඟුරාන සීනි සමාගමේ කෙටි ඇඹරුම් වාරය අද ආරම්භ වුණා. උක් ගස් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දහසක් ඇඹරීම ඉලක්කයයි.
ගල් ඔය වැවිලි සමාගම යටතේ පවත්වාගෙන යන හිඟුරාන සීනි සමාගමේ කෙටි ඇඹරුම් වාරයෙන් සීනි මෙට්‍රික් ටොන් 10ත් 13ත් අතර නිෂ්පාදනයක් අපේක්ෂා කරන බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරාත් නන්දික පෙරේරා මහතා පවසනවා.
සේවකයින් 1,500ක් මෙහි සේවය කරන අතර උක් ගොවීන් 8,000ක් ආයතනය හා සම්බන්ධව සිටින්නේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙමින්.
කෙටි ඇඹරුම්වාරය ආරම්භ කෙරුණේ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේයි.
The post හිඟුරාන සීනි සමාගමේ කෙටි ඇඹරුම් වාරය ඇරඹෙයි appeared first on ITN News.