පෙබරවාරි 5 ඇරඹෙන උරුමය වැඩසටහන
නිසි ඉඩම් හිමිකමක් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින මිලියන දෙකකට අධික ජනතාවගේ ගැටළුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන උරුමය වැඩසටහනේ සමාරම්භක උත්සවය පෙබරවාරි මස 05 වනදා දඹුල්ලේ දී පැවැත්වෙන බව බව සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.
එහිදී රන් භූමි, ජය භූමි සහ ස්වර්ණ භූමි වැනි ඉඩම් බලපත්‍රලාභීන් 10,000කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
රට තුළ තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහිකරන ඓතිහාසික වැඩසටහනක් ද මේ වන විටත් සැළසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
The post පෙබරවාරි 5 ඇරඹෙන උරුමය වැඩසටහන appeared first on ITN News.