අම්බලන්ගොඩ සමන්කොලුවාගේ සමීපතමයෙකු අත්අඩංගුවට
විදේශගතව සිටින “අම්බලන්ගොඩ සමන්කොලුවාගේ” සමීපතමයෙකු වන “රන් පැට්ටා” හෙරොයින් හා නීති විරෝධී මත්පෙති සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය රත්ගම පොලිස් ස්ථානයේ ස්ථාපිත කර ඇති උප කඳවුරේ පොලි ස් පරීක්ෂක එච්.පි. සරත් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.31 වන දින රත්ගම පොලිස් වසමේ පට්ටිදොර, බුස්ස ප්‍රදේශයේ දීයි වැටලීමක් සිදු කර තිබෙන්නේ.
එහි දී දැනට විදේශගතව සිටින අම්බලන්ගොඩ සමන්කොලුවා යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයාගේ සමීපතමයෙකු වන බුස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක “රන් පැට්ටා” නමි සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 510 ක් සහ Pregabalin මත්පෙති 16 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
වැඩි දුරටත් තොරතුරු විමසීමේදී මෙම සැකකරු යුද්ධ හමුදා විශේෂ බලකායේ මූලික පුහුණුව හදාරා පසුව නීත්‍යානුකූලව ඉන් ඉවත් වී ඇති බවට තොරතුරු අණාවරණය වී තිබුණා.
The post අම්බලන්ගොඩ සමන්කොලුවාගේ සමීපතමයෙකු අත්අඩංගුවට appeared first on ITN News.