බොයිස් ගුවන්තොටුපළේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තිදෙනෙකු මියයයි
බොයිස් ගුවන් තොටුපළේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 3 දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලැබුවා.
ඇමරිකාවේ ඉඩාහෝ ප්‍රාන්තයේ බොයිස් ගුවන්තොටුපලේයි අනතුර සිදු වුණේ.
ඉදිකරමින් තිබූ මෙම ගොඩනැගිල්ල එක්වරම කඩා වැටී තිබුණා.
වානේ භාවිතයෙන් එහි සැකිල්ල සකසා තිබු අතර මේ පිලිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි.
සිද්ධියෙන් පසු තාවකාලිකව ගුවන් මෙහෙයුම් නතර කෙරුණා.
The post බොයිස් ගුවන්තොටුපළේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තිදෙනෙකු මියයයි appeared first on ITN News.