බෙලිඅත්ත පංචපුද්ගල ඝාතනයේ ප්රධාන සැකකරුගේ බිරිඳ සහ පියා අත්අඩංගුවට
බෙලිඅත්ත පංචපුද්ගල ඝාතනයේ ප්රධාන සැකකරුගේ බිරිද සහ පියා විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසළදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගියා.
විශේෂ කාර්ය බලකායේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායම් 6ක් යොදවමින් පරීක්ෂණ සිදු කෙරුණු අතර මේ වන විට සැකකරුවන් 6 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරුවන හිටපු නාවික හමුදා සෙබලාගේ බිරිඳ සහ පියා ද විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ අත්අඩංගුවට ගත්තා.
The post බෙලිඅත්ත පංචපුද්ගල ඝාතනයේ ප්රධාන සැකකරුගේ බිරිඳ සහ පියා අත්අඩංගුවට appeared first on ITN News.