යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 770ක් අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම මගින් දිවයිනපුරා සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය වැරදි ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 567 දෙනෙකු හා අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 203 දෙනෙකු මෙසේ පැය 24ක කාලයක් තුළ අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙම පිරිසෙන් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කෙරුණා.
තවත් සැකකරුවන් 6 දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගනිමින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
හෙරොයින් ග්‍රෑම් 132ක්, අයිස් ග්‍රෑම් 121ක් ගංජා කිලෝග්‍රෑම් 15 ග්‍රෑම් 900ක්, ඈෂ් ග්‍රෑම් 16ක් හා මාවා ග්‍රෑම් 209 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ද මෙහයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් මත්කරල් එක්ලක්ෂ අනූ දෙදහසක් සමඟ සැකකරුවෙකු වත්තල අප්පුගේවත්ත ප්‍ර දේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කළ වැටලීමකදීයි.
බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 40 හැවිරිදි මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා එඩේරමුල්ල පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
The post යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 770ක් අත්අඩංගුවට appeared first on ITN News.