බන්ධනාගාර තුළ ඇති තදබදය අවම කිරීමට නව ක්රමවේදයක්
මෙරට බන්ධනාගාර තුළ ඇති තදබදය අවම කිරීමට නව ක්‍රමවේදයක් ඇති කිරිම සඳහා නීති සකස් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.
රැදවූවන් 13000ක් රැදවීමට ඉඩ සකස් කර තිබුණ ද මේ වන විට රැදවූවන් 33000ක් පමණ සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පල්ලේකැලේ එළිමහන් සිරකදවුරේ බේකරි නිෂ්පාදන පුහුණු ඒකකය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළා.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අනුරාධ ජයරත්න මහතා කියා සිටියේ වැඩිම පිරිසක් බන්ධනාගාර ගත ව සිටින්නේ මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් බවයි.
The post බන්ධනාගාර තුළ ඇති තදබදය අවම කිරීමට නව ක්රමවේදයක් appeared first on ITN News.